News

නලීන් බණ්ඩාරගේ ප්‍රකාශයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගෙන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඊයේ දිනයේ සිදුකළ ලිඛිත පැමිණිල්ලට අමතරව අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ද ප්‍රකාශක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

නලීන් බණ්ඩාර මහතා පසුගිය 17 වැනිදා කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලට එරෙහිව සුරේෂ් සලේ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම ප්‍රකාශය හරහා තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.