නවගමුවේ රබර් ඉඩමකින් වෙඩි තබා ඝාතනය කළ මළ සිරුරක් හමුවෙයි
නවගමුවේ රබර් ඉඩමක වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයක කර ඇත. ඝාතනය වූ පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කර ගෙන තිබේ.
කැළණිය ගෝනවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චමිල ප්‍රසාද් කරුණාරත්න නමැති 37 හැවිරිදි අයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසියසඳහන් කරයි.
ඔහු ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බවට ද කරුණු හෙළිවී ඇති අතර වෙඩි තබා ඝාතනය කළ මොහුගේ මළ සිරුර සොයා ගැනුනේ කඩුවෙල ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක තිබියදීය.
එම මළ සිරුර ආසන්නයේ තිබී ටී 56 අවි සඳහා භාවිත කරන සජීවි උණ්ඩ කිහිපයක් සහ හිස් පතුරම් කොපු කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.