නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර වෙඩිතැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත.
සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා
වෙයි.
ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් නවසීලන්ත පොලීසිය ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසටය..
එම වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ගොස් ඇති අතර ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත්බ වී ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.