නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි November 21, 2019 1:10 pm No Comments නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගි වී සිටියහ.