නව අමාත්‍යධුර ලබා දීමට 10දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැති ජනපතිට යවයි
නව අමාත්‍යධුර ලබා දීමට 10 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙකුව මෙසේ ඇමති ධූර සඳහා යෝජනා කර ඇති අතර විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු 10දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.