News

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට පෙරවරුවේ

නව අමාත්‍ය මණ්ඩලය හෙට (20) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

හෙට උදෑසන අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බවට ජනපති විසින් සදහන් කළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

අද(19) සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

නව කැබිනට් මණ්ඩලය සදහා මන්ත්‍රීවරුන් 35දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ විෂයන් යටතට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාව, ලෙක් හවුස් ආයතනය පවරා ගෙන ඇති බවට ද වාර්තා වනවා.