News

නව ආණ්ඩුවේ ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු 20 දෙනෙකු අද (19)දිනයෙත් තවත් පිරිසක් හෙට (20) දිවුරුම් දෙන බවට එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර ඇත.

19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කළ යුතු අතර පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරුන්ගෙන් ස්වෙච්ඡාවෙන් කැබිනට් මණ්ඩලයට එක් නොවීමට කැමැත්තෙන් පසුවන්නන් කවුරුන් ද යන්න විමසා ඇත. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ රිෂාඩ් බදියුදීන් ඒ සඳහා සිය එකඟතාවය පළ කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.