News

නව කැබිනට්ටුව දිවුරුම්දීම බොහෝ දුරට හෙට – පා.ම. නලින් බණ්ඩාර

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.

අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධූර 30කට සීමා විය යුතුවීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේද බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස බවයි.