සජිත්ට නිවාස හා සංස්කෘතික, මංගලට මුදල්, රවිට විදුලිබල – ආරංචිමාර්ග
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති අතර අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 28දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇත.
ඒ අනුව දැනට වාර්තා වන මෙම මන්ත්‍රීවරුන්ට පහත සඳහන් ආකාරයෙන් අමාත්‍යධුර ලැබීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
සජිත් ප්‍රේමදාස – නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු
මංගල සමරවීර – මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය
රවී කරුණානායක – විදුලිබල හා බලශක්ති
අර්ජුන රණතුංග – ප්‍රවාහන
සාගල රත්නායක – වරාය
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා
පාඨලී චම්පික රණවක – මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධනය
ගයන්ත කරුණාතිලක – පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම්
වජිර අබේවර්ධන – අභ්‍යන්තර කටයුතු
රාජිත සේනාරත්න – සෞඛ්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග සහ ඛනිජ තෙල්
පී. හැරිසන් – සමාජ බලගැන්වීම
ගාමිණී ජයවික්‍රම – බුද්ධශාසන හා වයඹ සංවර්ධන