News

නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබේ.

මීට ඉහතදී එනම් 2016 වසරේ මාර්තු මස 3 වැනිදා ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ ජාතික වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මේ මස 24 වැනිදින සිට අහෝසි කරන අතර නව කොමිෂන් සභාව මේ මස 25 වැනිදින සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයකින් විධානය කර තිබේ.

නව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්.රඝුග්ගේ මහතා පත්කර තිබෙන අතර කොමිසමේ ලේකම්වරයා ලෙස අනුර ජයවික්‍රම මහතා පත්කර තිබේ.