නව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ.
හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කර තිබේ.
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වේ.
යුද සමයේදී 53 වැනි සේනාංකයට නායකත්වදුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවේන විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි.

