නව රජය සඳුදා ජනපති විසින් පත්කරනු ඇති බව මුතුහෙට්ටිගම කියයි
ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති රැස්වීමකින් අනතුරුවයි.