නව වසරේ පළමුව පාර්ලිමේන්තුව රැස්වීම අද – හිස් වූ මන්ත්‍රී අසුනට ශාන්ත බණ්ඩාර දිව්රුම් දෙයි
2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද දිනයේ සිදුකිරීමට නියමිතය.
ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කළේය.