News

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති නිල නිවසසේදීයි.

මෙහිදී විශේෂයෙන් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂ මහ ලේකම්වරයා පැවසුවේ.

අද පස්වරු 6.00 ට පැවැත්වෙන රැස්වීම සඳහා මධ්‍යම කාරක සභාවේ සෑම සාමාජිකයෙකුටම ආරාධනා කර ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.