News

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම්දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.