News

නාගරික ලොක්කට උඩින් යන්න හා සූර් වෙන්න ලක්ෂ ගණනක්

මහ නගර සැලසුම් ත්‍රි/මලේ ව්‍යාපෘතිය සම්බන්ධ රැස්වීමකට ගිය නාගරික සංවර්ධන අධිකාරියේ එම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ප්‍රවාහනයට යොදාගත් හෙලිකොප්ටරයට හා ඔහුගේ ආහාර හා මත්පැන් සඳහා රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැයකර ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘති සම්බන්ධීකාරක ත්‍රිකුණාමලයේ පැවැති ක්ෂේත්‍ර රැස්වීමකට සහභාගි වීමට එසේ හෙලිකොප්ටර් යානාවක ගොස් ඇත. එම රුපියල් එක්ලක්ෂ එක්දහස් හයසිය විසි දෙකක (1,01,622) මුදල් භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් වැය කර ඇති බව වාර්තා වේ.

මධුභාෂණ හේරත්