News

නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදීමට ලබා දුන් කාලය අද(19)දහවල් 12.00න් අවසන් වේ.

දිස්ත්‍රික්ක 22 සදහාම අද දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනිම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබෙන අතර විරෝධතා සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිවරුන් විසින් අදාල දිස්ත්‍රික්කයන් සදහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිතයි.