නාමල්ගේ දුරකතනයෙන් මැකු හඬපට හමුවෙයි – නාලක ජනවාරි 02 දක්වා යලි රිමාන්ඩ්
නාමල්ගේ දුරකතනයෙන් මැකු හඬපට හමුවෙයි – නාලක ජනවාරි 02 දක්වා යලි රිමාන්ඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන පරීක්ෂාවේ දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
හොංකොන් රාජ්‍යයේ ‘ඩේටා එක්ස්පර්ඩ්‘ ආයතනය මගින් ඒම දුරකතනයේ මකා දැමු දත්ත ජිබී 39 ධාරිතාවකින් යුත් පෙන්ඩ්‍රයිව් එකක් සහ පිටු 60 කින් යුත් දත්ත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයිද ඔවුහු අධිකරණයට දැන්වුහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාල හඬපට හා අදාළ වාර්තාවේ පිටපත් ආශ්රයෙන් වැඩි දුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
ඒ අතර ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන වසරේ ජනවාරි මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.