News

නායකකමට සජිත් ඉල්ලා දැඩි බලපෑමක් – මලික් එජාප රැස්වීමෙන් පිටව යයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16 වැනිදා) පස්වරුවේ ආරම්භ විය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. පුවත්පත මුද්‍රණය කරන අවස්ථාව වන විට දැනගන්න ලැබුණු ආකාරයට රැස්වීමේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ඉන් පිටව ගොස් ඇත.

පක්ෂ නායකත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කරන ලෙස ඉල්ලා මෙම රැස්වීමේදී සජිත් පාර්ශ්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වෙයි. ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් කරුණු දක්වා තිබේ.

නයන තරංග ගමගේ