News

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණ කළේ යැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කර තිබේ.