Top Story

නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඝාතනය  කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ  නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරික්ෂණය අනුව වහාම ඔහුට එරෙහිව  විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇතත්  එම ඉල්ලීම ඉවත දමා ඇති බව “අරුණ” මගින් හෙළි කළේය.