නාසිගෝරෙං හදමු!
අවශ්‍ය ද්‍රව්‍ය
පිසින ලද බත් කෝප්ප 4
යාන්තමට තැම්බූ කුකුල් මස් හෝ හරක් මස් 200g
ඉස්සන් 200g
බිත්තර 2
රවුම් ලෙස පෙති කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලොකු ලූනු ගෙඩි 2
කරාබුනැටි මේස හැඳි 1
සුදුලූනු සහ ඉඟුරු තලප මේස හැඳි 1
බ්ලාචන් තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 1
එළඟි තෙල් හෝ මාගරින් සරිලන ප්‍රමාණයක්
තලාගත් කරඳමුංගු හා කුරුඳුපොතු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
රම්පේ කැබලි කීපයක්
කහ ස්වල්පයක්
බදින ලද කජු මද කීපයක්
රතුලූනු 50g
පෙති ගැසූ ඉදුනු රතුමිරිස් කරල් කීපයක්
සැරසීමට පෙති ගැසූ පිපිඤ්ඤා සහ තක්කාලි ස්වල්පයක්
සාදාගන්නා ක්‍රමය
මස් සිහින් කැබලිවලට කපා සෝදා පිරිසිදු කර, කහ සහ ලුණු දමා තම්බාගන්න. බත් තම්බා ගත යුත්තේ එකී මස් තැම්බූ ජලයෙනි. ඉස්සන් ද තම්බා පොතු ඉවත් කරගන්න. පෙති කපාගත් රතුලූනු, තලාගත් කරාබුනැටි, කරඳමුංගු, ඉඟුරු හා සුදුලූනු තලප සහ බ්ලාචන් එකට මුසුකොට උණුසුම් ජලය ස්වල්පයක් ඊට එක්කොට දිය කරගන්න. එළඟිතෙල් හෝ මාගරින් හොඳින් රත්වන්නට හැර ඊට ඉහත මිශ්‍රණය දමා, ලා දුඹුරු පැහැ ගැන්වෙනතෙක් එය බැදගන්න. තම්බාගත් ඉස්සන්, මස් කැබලි සහ බත් සමඟ ඉහත මිශ්‍රණය එක්කොට ඊට සෝයාසෝස්, මිරිස් කුඩු සහ ලොකු ලූනු පෙති දමා හොඳින් කලතා බත උණුසුම් වනතෙක් බැදගන්න.
එසේ සකසාගත් නාසිගෝරෙං දීසියකට දමා, බිත්තර මගින් සකසාගත් ඔම්ලට්, බඳින ලද ලූනු රැල්, ඉදුණු මිරිස් කරල්, බදින ලද කජු මද, පිපිඤ්ඤා පෙති හා තක්කාලි පෙති මගින් සරසා ගන්න.
ආහාර වට්ටෝරුව එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ පොතෙන්…