නැවත දැනුම් දෙනතුරු දුන්හිඳ ඇල්ල නැරඹීමට යන ප්‍රවේශ මාර්ගය වසා දැමේ
නැවත දැනුම් දෙනතුරු දුන්හිඳ ඇල්ල නැරඹීමට යන ප්‍රවේශ මාර්ගය අද (22) සිට තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් දුන්හිද ඇල්ල නැරඹීමට රක්ෂිතයේ යන මාර්ගයට රක්ෂිතයේ පිහිටි ඉහළ ගල්පර්වත කඩා වැටීමට පටන් ගෙන තිබෙන හෙයින් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
