නැවත යුද්ධයක් එපා කියා මුලතිව් දිස්ත්රික්කයේ පෝස්ටර අලවයි
නැවත යුද්ධයක් හා ත්රස්තවාදයක් එපා යනුවෙන් සදහන් කරමින් මුලතිව් දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයක පොස්ටර අලවා තිබෙන බව මුලතිව් ප්රදේශවාසීන් පවසති.
මුලතිව් ප්රදේශවාසීන් පැවසූවේ මුලතිව් මුල්ලියාවේලි ප්රදේශය හා මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක අදාළ පෝස්ටර අලවා තිබු බවයි. පසුගියදා මඩකලපුව වවුනතිව් ප්රදේශයේ සිදුවු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමේ සිදුවීම මුල් කොටගෙන නැවත යුද්ධයක් ඇති කර නොගන්නා ලෙසට අදාළ පෝස්ටරය අලවා තිබු බවයි.
මීට පෙර කිලිනොච්චිය,වවුනියාව හා යාපනය ප්රදේශයන්ගේද නැවත ත්රස්තවාදයක් එපා යනුවෙන් සදහන් කරමින් ප්රදේශවාසී සිවිල් සංවිධාන ඒකාබද්ධව විරෝධතා වැඩසටහන්ද සංවිධානය කොට තිබිණ.
වවුනියාව – මාධව කුලසූරිය