News

නිකවැරටියේ සුළි සුළඟින් නිවාස 33 කට හානි

 

 

නිකවැරටිය නගරය හරහා ඊයේ (06) රාත්‍රියේ හමා ගිය වැසි සහිත සුළි සුළඟින් නිවාස 33කට අලාභ හානි සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (7) පැවසීය.

මේ නිසා පවුල් 27 පුද්ගලයන් 92 ක් ආපදාවට ලක්ව ඇති බව වාර්තා වනවා.

පුද්ගල අනතුරු කිසිවක් සිදුව නොමැති අතර සුළි සුළඟින් බුදුමුත්තාව සහ විහාරගම යන ග්‍රාම නිලධාරී වසම් දෙක තුළ නිවාස 25ක්,පොදු ස්ථාන 2 ක් ,ව්‍යාපාරික ස්ථාන 5ක් හානියට ලක්ව තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

සුළි සුළඟින් විදුලි සැපයුමට බාධා එල්ලවී තිබූ අතර ඒවා යථා තත්වයට පත් කිරීමට එදින රාත්‍රියේ සිටම පියවර ගත් බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසිය.

ආපදාවට ලක්වූ පිරිස් වලට අවශ්‍ය සියලු සහන ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කර ඇති අතර යුද හමුදා නිලධාරීන් විසින් පොලීසියේ ද සහය ඇතිව නිවාස මතට කඩා වැටී ඇති ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරනවා.