නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512කට ජනපති පොදු සමාව
72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හෙට (04) සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ එම සිකරුවන්ගේ නාමලේඛනය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කළ බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ සිකරුවන්ගේ නාමලේඛනයට අනුමැතිය ලබාදීමෙන් අනතුරුව හෙට මෙම සිරකරුවන් නිදහස් කරනු ඇති.