News

නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක හා එම පක්ෂයට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජයමුණි සොයිසා හා ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේද පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇති අතර ඉදිරි සතිය තුළ ඊට අදාළ ලිපි මන්ත්‍රීවරුන්ට යොමු කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.