නිදහස් පක්ෂයේ සහය ගෝඨාට දෙන්න තීරණය කරයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.
මෙම අවස්ථාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුව නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන අතර එයට නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව ඇත.
