News

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද(27) පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ සහභාගී වන නියෝජිත පිරිසේ වෙනස්කම් සිදුව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇති අතර

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී අවධානය යොමුකරන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් නොව එක්ව කටයුතු කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් බව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේය.