Update : නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බව වාර්තා වේ.
සාකච්ඡාව සඳහා සහභාගී විමට නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණ තිබේ.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවී සිටින බව වාර්තා වේ.
මේ අතර මෙම සකච්ඡාව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණිමට නියමිත බව වාර්තා වන අතර මේ වන විටත් ඔහු පැමිණ නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේය.
———————————————————————————————————————————-
නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාව අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙයි.
ඒය විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්වෙන අතර එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද සහභාගිවීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සහභාගිවීමට නියමිතය.
මෙම සාකච්ඡාව නව සන්ධානය ගොඩ නැගීම පිලිබඳ පැවැත්වෙන පළමු සාකච්ඡාවයි.