නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (07) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.