News

නිධන් සෙවූ දෙදෙනෙකු මාට්ටු

මොණරාගල ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වී ඇත්තේ වයස අවුරුදු 42ක හා 66ක මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නඩු භාණ්ඩ සමඟින් ඔවුන් දෙදෙනාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.