නිධන් සොයා කැණීම් කළ හතරදෙනෙකු අත්අඩංගුවට
හසලක පොලිස් වසමේ 07 ඇල ප්‍රදේශයේ ඉඩමක නිධන්වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු කැනීම් කිරීමට උපයෝගී කරගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,38,47 වන හසලක, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද දින මහියංගනය මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.