නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කෙරේ
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කර ඇත.
ජාතික පොලිස් කොමිසම විසින් උසස්වීමට අදාළ නිර්දේශ අද (07දා) දින ලබාදී ඇති අතර 46 හැවිරිදි වියේ පසුවන ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියා වේ.