නිරෝධායනය නිම කළ 60ක් අද නිවෙස් වෙත
නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද (13) නිවෙස් වෙත යොමු කිරීමට නියමිතයි.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ 60දෙනෙකු අද පිටත්ව යාමට නියමිත බවයි.
ගල්කන්ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 15දෙනෙකු, බණ්ඩාරගම ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ 20 දෙනෙකු සහ වෛක්කාල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි මීගමුව රෝහලේ සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 25දෙනෙකු අද මෙලෙස නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.
