News

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ වන විට මෙම පුද්ගලයින් ජා ඇල ආවේ මරියා දේවස්ථානයේ නාවික හමුදා භාරයේ තබා ඇති අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්තානය වෙත ගෙන යාමට නියමිතය.