නිල සංචාරයක් සදහා ජනපති පිලිපීනයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින හතරක නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිට ඇති අතර පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටේට් (Rodrigo Duterte) මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සංචාරයට එක් වී ඇත.
දෙරට අතර දේශපාලන, ආර්ථීක සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන බවට සඳහන් වෙයි.