News

නිවෙස් බින්ද හොරාට පහරදී අතපය බැඳ ගම්වාසීන් විසින් පොලිසියට භාරදෙයි

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ උනාවටුන ප්‍රදේශයේ නිවෙස් දෙකකට අද(3)අලුයම ඇතුළු වී එක් නිවසක තිබූ භාණ්ඩ සහ අනෙක් නිවසේ තිබු අත් බෑගයක් සොරකම් කිරීමෙන් පසු තවත් නිවසකට ඇතුළු වන අවස්ථාවෙදී මෙම කොල්ලකරුව ගම්වාසීන් විසින් අල්ලා අත් පා බැද පහර දී බුත්තල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මෙම සැකකරු සහ තවත් අයෙක් මෙම සොරකම් වලට සහභාගි වී ඇති අතර අනෙක් සැකකරු පලාගොස් ඇත.

මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ අංක දාහතර බුදුරුවාගල වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු දහනවයක පුද්ගලයකු බව පොලිසිය කියයි.සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිසිය විමර්ශන සිදු කරයි.