News

ත්‍රිකුණාමලයේ නීතිවිරෝධීව ධීවර කටයුතු කළ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 08 දෙනෙකු ත්‍රිකුණාමලය සහ චෙම්මාලෙයි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළ අතර ධීවර කටයුතු සඳහා තහනම් කරන ලද බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින්, අවුරුදු 18 ත් 43 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

එම සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැළක් නාවික හමුදා භාරයට ගෙන ඇත.