මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් සුසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අතිරේක ලේකම් (නීති ) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන්ද එක් වුනු අතර නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ,කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතන වලින් සමන්විතව මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරයි.