නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ කුරුල්ලන් 27ක් රාජසන්තක වෙයි
නීතිවිරෝධීව කුරුල්ලන් පිරිසක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවා.
මොහු හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඊයේ දින රාත්‍රී 9.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් ඇත. මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පවසයි.
එම කුරුල්ලන් සියලු දෙනා රාජසන්තක කර ඇත. එමෙන්ම කුරුල්ලන් ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇති බව සඳහන් වෙයි.