නීතිවීරෝධිව ප්‍රවාහනය කළ ග්ලයිෆෝසේට් කිලෝග්‍රෑම් 582 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් මෙරට බෙදා හැරීමට රැගෙන ගිය ග්ලයිෆොසේට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ ග්ලයිෆොසේට් තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය පැවසූවේ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙනෙන ලද අදාළ ග්ලයිෆෝසේට් තොගය මන්නාරම සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සතුව අදාළ ග්ලයිෆෝසේට් අඩංගු කුඩා පැකට් විශාල ප්‍රමාණයක් තිබු බවත් අත්අඩංගුවට ගත් තොගය කිලෝග්රැම් 582 ක පමණ බරින් යුතු වන බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් මිගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය