News

නීති විරෝධිව වාහන එකලස් කළ පුද්ගලයෙක් මාට්ටු

 

නීති විරෝධීව එකලස් කළ මෝටර් රථයක් ද සමග සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අත්අඩංගුවට ගැනීම බෝගමුව ප්‍රදේශයේදී සිදුකර තිබේ.

සැකකරු සන්තකයේ තිබී විවිධ මෝටර් රථවලට අදාළ අංක තහඩු 12ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු ලබන 10 වන දා තෙක් රක්ෂිත බන්ධනාගර ගතකර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එම පුද්ගලයා නීති විරෝධී එකලස් කිරීමේ ජාවාරමක්’ මොහු විසින් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මක කරන බවයි.