නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්රැම් 275ක් සමඟ 05දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් බවට සැකකෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
එහි තිබී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්රැම් 275 ක් පමණ සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.