නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට සුදානම් වූ 06ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
අත්අඩංගුවට පත්වූවන් උඩප්පුව ප්රදේශයේ පදිංචි ධීවරයෝ වන අතර හලාවත මෝය ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට පත් පිරිසගෙන් ප්රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
