News

නීති විරෝධී මධ්‍යසාර ගැන දැනුම් දෙන්න නව දුරකථන අංක 3ක්

මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය විසින් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

පැය 24 පුරා එම සේවාව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

දිවයින පුරා ව්‍යාප්තව ඇති මධ්‍යසාර ජාවාරම මැඩලීම සඳහා ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දුරකතන අංක හඳුන්වාදී තිබෙනවා.

නීති විරෝධි මධ්‍යසාර පිළිබඳ තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක වන්නේ,
011 -3 – 024 820
011- 3 – 024 848
011 -3 – 024 850