News

නුගේගොඩ හා කිරුළපන ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිදවැටෙයි

නුගේගොඩ හා කිරුළපන ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලික විදුලි බිදවැටීමක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද පෙරවරුවේ කිරුළපන ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හරින භූගත විදුලි රැහැන් දෙකකට සිදුවූ හානිවීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

කිරුළපන සිට නුගේගොඩ දක්වාත්, බලපොකුණ පාර, ජයසිංහ මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස විදුලිය බිද වැටී ඇති බව සදහන්.