නුවරඑළියේ නාය යෑමේ අවදානමක් නිසා පවුල් 12ක් ඉවතට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් හේතුවෙන් නානුඔය ඩෙස්පොඩ් වතු යායේ පහළ කොටසේ වතු කම්කරු පවුල් 12 කට අයත් සමාජිකයන් 28 දෙනෙකු ඊයේ දිනයේ ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් එම වතු යායේ නිවාස පේලියක ආරක්ෂිත පැති බැම්මක් පැවති කඩා වැටීම නිසා නිවාස පේළිය නායයාමේ අවදානමක් මතුවූ බවත් ඒ අනුව එම නිවාසවල පදිංචිකරුවන් වතු යායේ දමිල විද්‍යාලයේ තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවත් නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.