නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට
නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර ඇති අතර, එහි ධාරිතාව ඊයේ (19) රාත්‍රියේ ජාතික පද්ධතියට එක් කර තිබේ.
මේ හේතුවෙන් අද (20) සිට හදිසි විදුලිය බිඳ වැටීම් සිදු නොවන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.
පසුගිය 18 වන දා නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ අක්‍රිය වීම සිදු විය.
මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වූ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි විදුලිය බිඳ වැටීම් ද සිදු විය.