නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වහයි
හැටන් – නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ හැටන් – නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.
ඒ අනුව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සහ වෛරසය පැතිරයෑම පාලනය කිරීම සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දින 10 ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.